කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල ක්‍රේප් වෙළුම් පටි ඇතුළු අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍යවල හිඟයක් මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවන ප්‍රමාදයන් මෙම තත්ත්වයට හේතු වී ඇති අතර, ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෙළුම් පටි ඇතුළු ද්‍රව්‍ය රෝහලෙන් බාහිර ෆාමසිවලින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බව ඔහු සඳහන් කරයි.














