මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කර ඇත.
ධාවනය වූ මෝටර් රථය මාර්ගයේ තිබූ ත්‍රීරෝද රථ 3ක් සහ යතුරුපැදි 4ක් එකපෙළට අනතුරට ලක්කර ඇති අතර, සිදුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මේ වනවිට තවත් පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර, අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














