කොළඹ උතුර මුවදොර උයන නිවාස සංකීර්ණයේ පදිංචි දරුවන් වෙනුවෙන් නවීකරණය කරන ලද පුස්තකාල පහසුකම් සහිතව ඉදි කරන ලද නව පරිගණක පුහුණු මධ්‍යස්ථානය සැප්තැම්බර් 28 වන දින ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දරුවන් වෙත පවරා දෙන ලදී.
ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ ‘අකුර’ පුස්තකාලය නවීකරණය කිරීම සහ නාගරික සංවර්ධන අධිකාරියට (UDA) අයත් මෙම නිවාස සංකීර්ණයේ බිම් මහලේ නව පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සිදු කර ඇත. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) සමාජ සජීවීකරණ අංශය විසින් මෙම පහසුකම පිහිටුවා ඇති අතර අනාගතයේදීත් එය නඩත්තු කරනු ලබයි. මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා නිවාස සංකීර්ණයේ පදිංචි යොවුන් දරුවන්ගෙන් සමන්විත සාම දරු සමාජයේ දරුවන්ගේ කලා සංදර්ශන කිහිපයක්ද එක් කර තිබිණි.
















