කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 23 වන දින කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු මෙම අපරාධය සිදුව තිබූ අතර, පැහැරගෙන ගත් පුද්ගලයාගේ මළ සිරුර පසුව ඇහැලියගොඩ කැලෑබද ප්‍රදේශයකින් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මෙම ඝාතනයට සම්බන්ධව ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටි සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ විමර්ශන පවත්වා ඇති අතර, ඊයේ (අගෝස්තු 28) සීගිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියදී මෙම සැකකාර චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අද දින (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














