කොළඹ වරාය නගරයේ අතිශය සුඛෝපභෝගී සහ ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියක් වන ‘Prime Marina’ නිල වශයෙන් ආරම්භ කර තිබේ. ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්.) සමාගම විසින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ආසියාවේ විශිෂ්ටතම ‘Marina and Waterfront Residential’ ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය. ඉන්දියන් සාගරයේ සුන්දරත්වය සහ කොළඹ මරීනාවේ දර්ශනීය පසුබිම සමඟින් ඉදිවන මෙම ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සුවිශේෂී ස්ථානයකට ඔසවා තැබීමට අපේක්ෂා කරයි.
ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පය ජාත්‍යන්තරව පිළිගත් ‘P&T Singapore’ සමාගම විසින් සිදු කර ඇති අතර, එය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සුඛෝපභෝගීත්වයෙන් සහ නවීන පහසුකම්වලින් යුතුව සැලසුම් කර ඇත. ප්‍රයිම් සමූහය සහ මෙල්වා සමූහය එක්ව සිදු කරන මෙම සංවර්ධන ව්‍යාපෘතිය, දේශීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙපළකගේ විශ්වසනීයත්වය සහ ශක්තිය එකම වහලක් යටට ගෙන එන්නකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවේ, කොළඹ වරාය නගරයේ වඩාත්ම ඉහළ ඉල්ලුමක් පවතින මරීනා කලාපයේ පිහිටි මෙම ව්‍යාපෘතිය, ආයෝජකයින්ට සුවිශේෂී ජීවන රටාවක් මෙන්ම අද්විතීය ආයෝජන අවස්ථාවක් ද ලබා දෙන බවයි.
ප්‍රයිම් මෙල්වා ආයතනය විසින් මෙම ව්‍යාපෘතියේ නිවාස (Apartments) වෙන් කරවා ගැනීම සඳහා මේ වන විට දේශීය සහ විදේශීය ආයෝජකයින්ට අවස්ථාව සලසා දී ඇත. මෙම ව්‍යාපෘතිය හරහා ලෝක මට්ටමේ දේපළ වෙළෙඳාම් අත්දැකීමක් ශ්‍රී ලංකාවට එක් කිරීමට ප්‍රයිම් සමූහය අපේක්ෂා කරයි.
















