කොළඹ වරායේ බහාලුමක සඟවා තිබූ විශාල අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අගෝස්තු 31 වැනිදා සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකරමින් සිටී. ඊට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගෙන්ද CIDය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයද මීට පෙර අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි. වැටලීමට අදාළ ක්‍රියාමාර්ගවල පැවති බව කියන අඩුපාඩු සහ අක්‍රමිකතා පිළිබඳව එම පරීක්ෂණය සිදුකර තිබේ.
ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක පරිපාලනය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර හුවමාරු වූ බුද්ධි තොරතුරු මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට දායක වූ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රන්මල් කොඩිතුවක්කුට අපරාධ චෝදනා ගොනු කර ඇති බවට මේ වනවිට තහවුරු වූ තොරතුරක් නොමැත.
















