ජපානයේ විදේශිකයන් සඳහා වන පදිංචි අවසර සම්බන්ධ නව ගාස්තු අද, ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව ස්ථිර පදිංචි අවසරය සඳහා මෙතෙක් පැවති යෙන් 10,000ක ගාස්තුව යෙන් 200,000 දක්වා ඉහළ දමා ඇති අතර එය 20 ගුණයක වැඩිවීමකි.
පදිංචි තත්ත්වය වෙනස් කිරීම සහ පදිංචි කාලය දීර්ඝ කිරීම සඳහා මෙතෙක් පැවති ස්ථාවර ගාස්තුව වෙනුවට, නව ක්‍රමය යටතේ අවසර ලැබෙන පදිංචි කාලසීමාව අනුව ගාස්තු අය කෙරේ.
නව ගාස්තු ඔක්තෝබර් 1 හෝ ඉන් පසුව ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා අදාළ වේ. සැප්තැම්බර් 30 හෝ ඊට පෙර භාරගත් අයදුම්පත් සඳහා අවසරය ඔක්තෝබර් 1 පසුව ලැබුණද පැරණි ගාස්තු ක්‍රමය අදාළ වන බව ජපාන ආගමන සේවා ආයතනය සඳහන් කරයි.
















