දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනවල වචනවලට පමණක් සීමා වී තිබූ ‘සමාජ ආරක්ෂණය’ පිළිබඳ යෝජනා, බලයට පත්වීමෙන් පසු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඉදිරි දස වසර සඳහා වූ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ තාක්ෂණික ඉදිරිපත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (ILO) අධීක්ෂණය මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන කම්කරු, කාන්තා හා ළමා කටයුතු ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් එක්ව මෙහෙයවනු ලබයි. මෙම අවස්ථාවට අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ අධ්‍යක්ෂිකා ජොනී සිම්සන් මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.














