කොළඹ විහාරමහාදේවි උද්යානයේ විරෝධතා භූමියේදී පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් 58 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.
පොලිස් මාධ්ය කොට්ඨාසය උපුටා දක්වමින් ගගන පුවත් සේවය වාර්තා කරන්නේ, සැකකරු අද (22) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර ඇති බවයි.
පසුගිය 21 වැනිදා රාත්රියේ කුරුඳුවත්ත පොලිස් වසමට අයත් විරෝධතා භූමියේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු පරීක්ෂා කිරීමේදී අදාළ පිහි සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු දින කිහිපයක සිට විරෝධතා පාගමන සමඟ සම්බන්ධ වී සිටි අයෙකු බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද වාර්තාවේ දැක්වේ. ඔහු කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් එම ස්ථානයේ රැඳී සිටියේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
නඩුව නොවැම්බර් 30 වැනිදා යළි කැඳවීමට නියමිතය.














