ආබාධිත තත්ත්වයේ සිටි සුනඛයෙකුට කාර්යබහුල මාර්ගයක් මාරුවීමට උපකාර කරන පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ අවධානයට ලක්ව තිබේ.
ගගන පුවත් වාර්තාවට අනුව, මගියෙකු විසින් පටිගත කර සමාජ මාධ්යයට එක් කළ බව කියන වීඩියෝවේ, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මංසන්ධියක් අසල සිටි සුනඛයා වෙත පැමිණෙන ආකාරය දැක්වේ.
අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, සුනඛයාගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් අධික රථවාහන තදබදයක් පැවති මාර්ගය මාරුවීමට අපහසු වී තිබූ බවයි.
මෙම සිදුවීම සත්වයන් කෙරෙහි කරුණාව සහ මානුෂීයත්වය පිළිබඳ සමාජයේ අවධානය යළි යොමු කර තිබේ.














