ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කළ විරෝධතා පාගමනක් අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබේ.
ඔවුන් ඊයේ (03) පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන තිබූ අතර, පොලිසිය සඳහන් කර ඇත්තේ නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම සහ අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මෙම විරෝධතාව රජයේ බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සංවිධානය කර තිබූ අතර, විරෝධතාකරුවන් හයදෙනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.
















