ලෝක ජනාවාස දිනයට සමගාමීව රජයේ ආධාර මත ඉදිකළ නිවාස 5,000ක් හෙට (5) ජනතාවට ලබාදීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා පවසයි.
මෙවර ලෝක ජනාවාස දිනය “A Safe Home for All” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත අතර, ඒ සමඟ දිවයින පුරා Habitat Week වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2026 දෙසැම්බර් 31 වන විට නිවාස 30,000ක් ඉදිකිරීම රජයේ ඉලක්කය බවයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ.
















