කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (23) දිනයේදී ඒකක 33.01කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,684.91ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.17ක පහළ යාමකි.
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 825ක් ලෙස වාර්තා වී තිබේ.
















