පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කිරීම පදනම් කරගෙන මේ වන විට සිංහල බෞද්ධ සමාජය තුළ ප්රබල ආගමික හා සංස්කෘතික කම්පනයක් ඇති වී තිබෙන බව ජාතික සංඝ සම්මේලනය පවසයි.
‘වහබ්වාදී, බෝනගේන්වාදී, මාක්ස් ලෙනින්වාදී කුමන්ත්රණය පරාජය කරමු’ යන මැයෙන් මාධ්ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය මේ බව සඳහන් කර ඇත. ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම හුදකලා සිදුවීමක් නොවන බවත්, එය බුද්ධ ශාසනයට හා බෞද්ධ මහජන අභිලාෂයට එරෙහි බරපතල සැලසුම් සහගත කුමන්ත්රණයක ප්රතිඵලයක් ලෙස සලකන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
















