කොළඹ කොටස් වෙළඳපොළ අද (07) දිනයේදීත් දැඩි පසුබෑමකට ලක් වූ අතර, විකුණුම් පීඩනය තීව්ර වීමත් සමඟ ප්‍රධාන දර්ශක දෙකම පහළ ගියේය.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI)පොයින්ට් 132.68කින් (0.64%) පහළ වැටෙමින් 20,517.55ක් ලෙස අවසන් වූ අතර, S&P SL20 දර්ශකය පොයින්ට් 27.88කින් (0.48%) අඩුවී 5,816.40ක් ලෙස සටහන් විය. වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.97ක් ලෙස වාර්තා වූ අතර, එහිදී ලංකා IOC සමාගම මූලික කරගත් බලශක්ති අංශය ඉහළ පිරිවැටුමක් වාර්තා කළේය. වෙළඳපොළ පුළුල් බව සෘණාත්මක මට්ටමක පැවතුණු අතර, ලාභ ලැබූ සමාගම් 52කට එරෙහිව මිල පහළ ගිය සමාගම් සංඛ්‍යාව 158කි. විදේශීය ආයෝජකයින් ද අද දින ශුද්ධ විකුණුම්කරුවන් ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 23.14ක පමණ පිටගැලීමක් වාර්තා කළහ.
















