පිටකොටුව සහ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල්හි පැවැත්වෙන 152 වන වාර්ෂික වේල් උත්සවයේ රිදී රථ පෙරහැර හේතුවෙන්, එළඹෙන ජූලි 28 සහ 31 යන දිනයන්හිදී කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය පියවර ගෙන තිබේ.
ඒ අනුව, ජූලි 28 වනදා පෙරවරු 07:30 සිට රාත්‍රී 08:30 දක්වා පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිලේ සිට ගෑස්පහ වටරවුම, ප්‍රධාන වීදිය, ජනාධිපති මාවත සහ ගාලු පාර ඔස්සේ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල දක්වා පෙරහැර ගමන් කිරීමට නියමිතය.
එමෙන්ම, ජූලි 31 වනදා පෙරවරු 08:00 සිට මධ්‍යම රාත්‍රී 12:30 දක්වා බම්බලපිටිය කෝවිලේ සිට ආපසු ගාලු පාර, චැතම් වීදිය, යෝර්ක් වීදිය සහ ප්‍රධාන වීදිය ඔස්සේ පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිල දක්වා පෙරහැර ගමන් කිරීමට නියමිතව ඇත.
මෙම දිනයන්හි සහ වේලාවන්හිදී අදාළ මාර්ගවල යම් රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, රියදුරන් සහ මහජනතාව හැකි තරම් විකල්ප මාර්ග භාවිතා කරමින් සහයෝගය දක්වන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.














