මෙවර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් කලාප, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය දැනුම් දෙයි.
කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, දෙමටගොඩ සහ මෝදර යන පොලිස් වසම් ආශ්‍රිතව වෙසක් කලාප සහ තොරණ ප්‍රදර්ශනය කෙරේ. එම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව රථවාහන ගමනාගමනය සිදු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















