වැල්ලවාය, වලංවාඩිය ඉහළ කඳු රක්ෂිතයේ ඊයේ (21) පස්වරුවේ හටගත් ගින්නක් හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී තිබේ.
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ඊයේ රාත්‍රී කාලය පුරාම කඳු රක්ෂිතය තුළ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, අද (22) උදෑසන වන විටත් ඇතැම් ස්ථානවල ගිනි ගැනීම් දක්නට ලැබුණු බව වාර්තා වේ.














