ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලසීමාවක් වසා තැබූ කොළඹ සෞන්දර්‌ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ සඳහා සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය අද දිනයේදී පිරිසිදු කිරීම සහ දූමායනය කිරීම සිදුකර ඇත.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්‌තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,000 ඉක්මවා ඇති අතර, එම රෝග ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මරණයට පත්වී තිබේ. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්‌දන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මදුරු කීටයින් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. එහිදී මදුරු කීටයින් හමුවූ බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසකට එරෙහිව නඩු පැවරීමටද බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්‌තා වේ.
















