ඩෙංගු රෝග තත්ත්වය ඉහළ යාම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු හෙට (13) සිට සතියක කාලයක් අන්තර්ජාලය හරහා (online) සිදු කිරීමට තීරණය කර ඇත.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කළේ සිසුන්ගේ ඉල්ලීම් සහ ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
මෙම කාලසීමාව තුළ විශ්වවිද්‍යාලය විවෘතව පවතින අතර, සියලුම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුය. විශ්වවිද්‍යාල නේවාසිකාගාර ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත.
මීට පෙර ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස කලා පීඨය, නීති පීඨය, අධ්‍යාපන පීඨය සහ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ද මෙම මස 9 වැනිදා සිට සතියක කාලයක් අන්තර්ජාලය හරහා සිදු කිරීමට තීරණය කර තිබිණි.
















