බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන අංශය විසින් කොලොන්නාව ප්රදේශයේ ස්ථාන දෙකක සිදුකළ වැටලීම්වලදී ගිනි අවි සහ පතොරම් තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කර ඇත්තේ එහිදී 9mm වර්ගයේ පිස්තෝලයක්, T-56 පතොරම් භාවිත කළ හැකි ගිනි අවි 7ක් සහ 9mm පතොරම් 600කට අධික ප්රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන අංශය විසින් මේ වන විට ක්රියාත්මක කරනු ලබයි.
















