අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරියෙකු ලෙස සැලකෙන ‘කමාන්ඩෝ සලින්ත’ නැමැත්තා ලබන මැයි මස 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (30) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වන ලදී. සැකකරු සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ගනේමුල්ලේ සංජීව නැමැත්තා අධිකරණ විත්ති කූඩුවේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස මොහු නම් කර ඇත.













