මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි. මොහු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියෙකි.
මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ අයෙකි. මෑතකදී මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට බැරවීමේ සිද්ධියක් පිළිබඳව දේශපාලන කරළියේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි.













