ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු අතරින් මූල්‍ය අතරමැදි සේවා ක්ෂේත්රයේ සිය නායකත්වය තහවුරු කරමින්, 2026 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේදී තැන්පතු රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගිය පළමු බැංුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.
2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හක කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් බිලියන 315.13කින් වර්ධනය වී ඇති අතර, ඒ අනුව සමූහයේ මුළු තැන්පතු වටිනාකම රුපියල් ට්‍රිලියන 3.02ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව, සමූහයේ දළ ණය සහ අත්තිකාරම් රුපියල් ට්‍රිලියන 2.36ක් දක්වා වර්ධනය වී ඇති අතර, මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.74ක් ලෙස වාර්තා වේ.
ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, විචක්ෂණශීලී ප්‍රවේශයක් අනුගමනය කරමින් බැංකුව සිය මූල්‍ය ස්ථාවරත්වය සහ ගනුදෙනුකරුවන් සඳහා වන සේවාවන් අඛණ්ඩව ශක්තිමත්ව පවත්වාගෙන යන බව බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් සහ කළමනාකාර අධ්යක්ෂ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග යන මහත්වරු පවසති.














