තිරසර බැංකුකරණයේ ප්‍රමුඛයෙකු ලෙස කොමර්ෂල් බැංකුව, ග්ලෝබල් ෆයිනෑන්ස් (Global Finance) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හයවන තිරසර මූල්‍ය සම්මාන උළෙලේදී ‘චක්‍රීය ආර්ථික කැපවීම’ (Circular Economy Commitment) වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. සම්පත් නැවත භාවිතය, පුනර්ජනනය සහ පරිසර හිතකාමී නිෂ්පාදන ආකෘති දිරිගැන්වීම උදෙසා බැංකුව විසින් ගෙනයනු ලබන මූල්‍යකරණ මුලපිරීම් සහ ඒ ඔස්සේ අත්කරගෙන ඇති විශිෂ්ට නායකත්වය අගයමින් මෙම ගෞරවනීය සම්මානය ප්‍රදානය කර ඇත.
ලන්ඩන් නගරයේ පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව වෙනුවෙන් ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා මෙම සම්මානය පිළිගත්තේය. තිරසර මූල්‍යකරණය, විනිවිදභාවය සහ පාරිසරික වගකීම ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා ලැබුණු මෙම ජයග්‍රහණය, බැංකුවේ හරිත මූල්‍යකරණ උපායමාර්ගයන් ජාත්‍යන්තර මට්ටමකින් පිළිගැනීමක් ලෙස සැලකේ.
කොමර්ෂල් බැංකුවේ හරිත මූල්‍යකරණ උපායමාර්ගය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හරිත මූල්‍ය වර්ගීකරණය සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව සකස් කර ඇති අතර, එය පුනර්ජනනීය බලශක්තිය, හරිත ගොඩනැගිලි, අපද්‍රව්‍ය කළමනාකරණය සහ දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබා දීමට මඟ පෙන්වයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබන් උදාසීන (Carbon Neutral) බැංකුව ලෙසින් ද ඉතිහාසගතව ඇති කොමර්ෂල් බැංකුව, මෙම ජයග්‍රහණය තුළින් සිය තිරසර සංවර්ධන ගමන් මගේ ප්‍රබල සලකුණක් යළි තහවුරු කර තිබේ.














