සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ජූලි 04 වැනිදා සිසු අයිතියට පවරන බව එම පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න මහත්මිය සඳහන් කළාය. මෙම සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී ෆයිසාල් එම්. අල්කහ්තානි (Eng. Faisal M. Alkahtani) මහතා ඇතුළු ආරාධිතයන් රැසක් එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබිය ඒකාබද්ධව රත්නපුර නව නගරය ආශ්‍රිතව අක්කර 20ක භූමියක මෙම වෛද්‍ය පීඨය ඉදිකර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,096ක් ද, සෞදි රාජ්‍යය ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක් ද ආයෝජනය කර තිබේ. සිසුන් 162 දෙනෙකු මෙම වසර සඳහා අලුතින් ඇතුළත් කරගෙන ඇති අතර, සමස්තයක් ලෙස වෛද්‍ය සිසුන් 750 දෙනෙකු පමණ මේ වන විට මෙහි අධ්‍යාපනය ලබති. සිසුන් 500කට නේවාසික පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින් සහ 1,060කට එකවර අසුන් ගත හැකි ශ්‍රවණාගාරයකින් ද මෙම වෛද්‍ය පීඨය සමන්විත වේ.
















