27 April 2024
#දේශීය

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීම මේ සති අන්තය වන විට අවසන් කරන්න – අගමැති

සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (27) දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදීය.

එහිදී අස්වැසුම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සහ ප්‍රදේශයට බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා දැනට බැංකු ගිණුම් විවෘත කර නොමැති අය වෙත කඩිනමින් බැංකු ගිණුම් විවෘත කර දිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණි.

මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ, කොළඹ
දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *