• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලය දෙන්න කලින් මැතිවරණ තියන්න – මහලේකම් රංජිත්

27 July 2023
in දේශීය

ජනාධිපතිවරයා ඊයේ (26) කැඳවූ සර්වපාක්ෂික හමුවේදී මැතිවරණ නොතියා බලය ලබා දෙන්න සූදානම් බවත් එම අවස්ථාවට පැමිණි සියලු පක්ෂ මැතිවරණ තියන්න ඉල්ලීම් කර බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා “ ජනාධිපතිවරයා ඊයෙ (26) සර්වපාක්ෂික හමුවක් කැඳෙව්වා. අපිට මතකයි එතුමා මීට මාස 7කට ඉස්සරවෙලත් සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා එහිදී මම දන්නේ නැහැ මාස හතකට පස්සේ නැවත කැඳවන්න හේතුව මොකක්ද කියලා අවංක චේතනාවෙන් සද්භාවයෙන් කැදෙව්ව ද, නැතිනම් කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට හෝ ලබන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කැඳෙව්ව ද කියලා ප්‍රශ්නයක් තියෙනවා . එතුමා ඊයේ දින කතා කරේ දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කරන එක ගැන නමුත් එය මීට අවුරුදු 6කට ඉස්සරවෙලා 1987 දී පාර්ලිමේන්තුවෙන් එය සම්මත වුණා දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම්වලට එහි කාර්යභාරයක් නැහැ දැන් තියෙන්නේ විධායකයට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට එය ක්‍රියාත්මක කිරීම පමණයි.මම හිතනවා ජනාධිපතිවරයාට ඒ සදහා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද 13ට එහා ගිය 13 (+)ප්ලස් එකක් දෙනවා කිව්ව මහින්ද රාජපක්ෂ මහත්මයා ගේ කණ්ඩායම තමයි ජනාධිපතිවරයාත් එක්ක අද කටයුතු කරන්නේ. එහිදී ජනාධිපතිවරයා එතනින් අදහස් කරන්නේ මොකක්ද? දහතුන්වන සංශෝධනය මූලිකව උතුරු නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල ජනතාවට ලබලා දුන්නේ පළාත් සභා ක්‍රමයෙන් තමන්ගේ පළාත තමන් පාලනය කර ගැනීමේ අවස්ථාවක් විදියට එහිදී අපි ජනාධිපතිවරයාට කියන්න කැමතියි දැන් තමුන්නාන්සේ ගේ ගිය කාලයේ තිබුණු පාලනය යටතේ සහ මේ පාලනය යටතේ අවුරුදු හයක් පළාත් සභා මැතිවරණය තියලා නැහැ අපි අහනවා ඇයි හේතුව කියලා .අලුත් ක්‍රමයකට තියන්න සීමා නිර්ණය කරන්න දීලා තියෙනවා එහිදී ප්‍රධාන විපක්ෂය විදියට අපි කියන්න කැමතියි පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ද පැහැදිලි කළා පළාත් සභා මැතිවරණය කොහේ හරි හිර වෙලා තියෙනවා නම් සීමානිර්ණ පරක්කු වෙනවා නම් පරණ අනුපාත ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියන්න අපි කැමැත්ත ප්‍රකාශ කළා. එසේනම් නැවතත් අපි කියනවා පළාත් සභාව පරණ ක්‍රමයට තියන්න අවශ්‍ය වෙන්නේ සරල බහුතරයක් විතරයි අපි ප්‍රධාන විපක්ෂය විදියට සූදානම් සරල බහුතරයෙන් ඒ ප්‍රශ්නය විසඳගෙන පළාත් සභා මැතිවරණය තියන්න. ජනාධිපතිවරයාට අපි කියනවා මේ බලය සම්බන්ධව කතා කරන එක, එක කාර්යයක් නමුත් ඉස්සරවෙලා පළාත් සභා මැතිවරණය තියන්න කියලා. ඒ සදහා මුදල් අවශ්‍යතාවය ගැන කතා කළාට දැන් ජනාධිපතිවරයාම කියනවා රටේ ප්‍රශ්නයක් නැහැ යථා තත්ත්වයට පත්වෙලා ඕන තරම් මුදල් තියෙනවා වගේම පිටරටින් බඩු ගෙන්නත් අවස්ථාව දීලා තියෙනවා කියලා ඒ විතරක් නෙමෙයි පළාත් පාලන මැතිවරණය අනීතිකව ප්‍රජාතන්ත්‍ර විරෝධීව කල් දාලා තියනවා අපි ජනාධිපතිවරයාට කියනවා මුදල් ඉතුරු කරගන්න නම් පළාත් සභා මැතිවරණයත් පලාත් පාලන මැතිවරණයත් දෙකම එකට තියන්න ඒ සඳහා මුලදී කිව්වා වගේ පළාත් සභා මැතිවරණ හිර වෙලා තියෙන තැනින් ගොඩගන්න අපි ලෑස්තියි පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න අපි ඡන්දය දෙන්න ලෑස්තියි. ඒ වගේම ජනාධිපතිවරයා මේ උත්සාහ කරන්නේ බලය විමධ්‍යගත කිරීම ද, නැතිනම් ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන වෙනත් ප්‍රදේශවල ඡන්ද ගන්න උප්පරවැට්ටියක් ද, කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා අනිත් එක ඉස්සරවෙලා විපක්ෂයෙන් අහන්න කලින් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම එකට තියාගන්න මොකද අපි දැක්කා ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහත්මය වෙනම මතයක හිටියා. ජනාධිපතිවරයට අපි කියනවා එතුමාගේ ආණ්ඩුවේ ඡන්දය දුන්න කට්ටිය එක තැනක තියාගන්න අද මත දෙකක් තියෙන්නේ රජයට පහුගිය මැතිවරණ ඡන්ද 123 යි එම 123 එකට තියාගන්න. ඒ සම්බන්ධව උතුරු නැගෙනහිර කණ්යමත් අපිත් පැහැදිලිව කිව්වා මේක ක්‍රියාත්මක කරන්න නම් පළාත් සභා මැතිවරණය තියන්න කියලා තැල්ල බඳින්න නම් බෙල්ල තියෙන්න ඕන දැන් පළාත් සභා නැතුව බලතල දෙන්න යනවා එහිදී ජනාධිපතිවරයාට උතුරේ පක්ෂත් අපිත් ඡන්ද තියන්න කියනකොට ජනාධිපතිවරයා නැගිටලා ගියා එසේනම් ජනාධිපතිවරයා ගේ ඉලක්කය මැතිවරණ කල් දාලා ජනාධිපතිවරණයට යද්දි අපේ ඉන්න උතුරු නැගෙනහිර ජනතාව රවට්ටලා ඡන්ද ගන්නේ කියලා.එතුමා කිව්වා ජනාධිපතිවරු හත් දෙනෙක් යටතේ මේ ක්‍රියාත්මක කරේ නැහැ මේ අද අටවෙනියා කියලා එයාට ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා එතුමා ඇයි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ විධායකයට එයට අයිතියක් තියනවා ඒ වගේම අපෙන් අහන්න කලින් රජයේ යෝජනාව ඉදිරිපත් කරන්න එසේ ඉදිරිපත් නොකර අපිට කියනවා අදහස් දෙන්න කියලා ඊයේ රැස්වීමට න්‍යයා පත්‍රයක් තිබුණේ නැහැ එහි තිබුණේ දූෂණ විරෝධී පනත, ත්‍රස්ත විරෝධී පනත වැනි දේවල් අපි එතුමාගෙන් අහනවා අවංක චේතනාවෙන් මේක කරනවා නම් රජයේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න. මේ රට බංකොලොත් වෙලා තියෙන වෙලාවේ ඒකත් ප්‍රයෝජනයට අරගෙන දේශපාලන උප්පරවැට්ටි දාන්න එපා කියලා අපි ජනාධිපතිවරයා ඇතුළු රජයට කියනවා යැයි ඒ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටි‌යේය.

Post Views: 15
Previous Post

බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ .. මට තනියම කිසිම දෙයක් කරන්න බෑ – ජනපති

Next Post

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීම මේ සති අන්තය වන විට අවසන් කරන්න – අගමැති

editor

editor

Next Post

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීම මේ සති අන්තය වන විට අවසන් කරන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved