• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

16 December 2020
in දේශීය

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරෙන අතර මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැකියාව පවති.

මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය සැපයේ. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000කි. ණය සපයනුයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගිනි.

පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය. ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලැබේ.

ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය. අය කෙරෙන මාසික පොලිය සියයට 0.625 කි. 2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනේ.

රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරේ.

ත්‍රීරෝද, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට පිළිවන. මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකිය.

කොවිඩ් 19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කොට 2020දී අහිමි වූ ප්‍රගතිය ද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ වී තිබේ.

වසංගත සමයේ මාස 02ක පමණ සංචරණ සීමා කාලය තුළ අපනයන, සංචාරක, ඉදිකිරීම් සහ වෙනත් නිෂ්පාදන හා සේවා කෙමෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මහත් කැපකිරීම් කළහ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් සහ රාජ්‍ය සේවා වෙතින් ඒ සඳහා ඉමහත් සහයක් ලැබිණ. ඒ නිසාම 2020 වසරේදී කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයකට පිවිසීමට හැකි විය. නාගරික ජන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර සැපයුම ඉන් තහවුරු කෙරිණ. එසේ දායක වූ ජනතාවට පිරිනැමෙන දිරි ගැන්වීමක් ලෙස උත්සව සමයේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසුම් කරනු ලැබීය.

Post Views: 5
Previous Post

LPL අවසන් සටන අදයි

Next Post

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිවෙයි

editor

editor

Next Post

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved