• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිරෝදායනය නමින් සිදු කරන මර්දනය දැඩිසේ හෙලා දකිනවා – පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය

11 July 2021
in දේශීය

කොතලාවල පනත සම්මත කිරීමට එරෙහිව සටන් කල ශිෂ්‍යයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගෙන නිරෝදායනය නමින් සිරකරමින් සිදු කරන මර්දනය දැඩිසේ හෙලා දකින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දින (11) මහනුවර නගරයේදී විරෝධතා උද්ඝෝෂණයකදිය.

ඒ, සිසු-ජන විරෝධතා මර්ධනය කරමින් කොතලාවල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහයට එරෙහිව හා අදහස් දැක්වීමේ හා විරෝධතා පැවැත්මට ඇති අයිතිය මර්දනය කරමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට විරෝධතාවය පල කරමිනි.

මෙහිදී සභාපති ගයාන් අකිල ජයතිලක අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය ආණ්ඩුව සිදුකළ වැරදි ආපසු හරවන බවට පවසමින් බලය ලබාගත් වත්මන් ආණ්ඩුව විසින් පසුගිය ආණ්ඩුව සමයේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ගෙන ආ කොතලාවල පනත පවතින වසංගත තත්ත්වයට මුවාවෙමින් මේ මස 08වන දින පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට නිර්ලජ්ජිත උත්සාහයක නිරත වූ බවත් ඊට එරෙහිව සටන් කල ශිෂ්‍යයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගෙන නිරෝදායනය නමින් සිරකරමින් සිදු කරන මර්දනය දැඩිසේ හෙලා දකින බවත්ය. එමෙන්ම වසංගතයට මුවා වෙමින් රජය ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළ හා නිරෝදායනය නීති යොදාගනිමින් ආණ්ඩුව ගෙනයන හිතුවක්කාරී ක්‍රියාමාර්ගය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මර්දන ක්‍රියාමාර්ග කොතෙක් ගත්තද අයිතීන් කප්පාදු කරමින් ආණ්ඩුව විසින් මේ ගෙන යනු ලබන ජනතා ද්‍රෝහි පාලනය නවතන තුරු මේ සටන අත්නොහරින බවද වැඩිදුරටත් ඔහු විසින් පවසන ලදී.

අවසන් වශයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙම කොතලාවල පනත මාසයක් කල් දමා සම්මත කරගැනීමට උත්සහ කිරීම වෙනුවට මෙම පනත හකුළා ගැනීමටත් රටේ පවතින අනෙකුත් ගැටළු වලට විසඳුම් ලබාදීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් එසේ නොකළහොත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස රටේ පවතින අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව තවදුරටත් දැවැන්ත අරගල සිදු කිරීමට බලාපොරොත්තුවන බවත්ය.

Post Views: 15
Previous Post

මගේ නිහඩත්වයේ අර්ථයක් තියෙනවා – ඇමැති විමල්

Next Post

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ලක්ෂ 15 කට ආසන්නයි

editor

editor

Next Post

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ලක්ෂ 15 කට ආසන්නයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved