27 April 2024
#දේශීය

දේශපාලන ක්‍රියාකාරකම් සංචාරක ව්‍යාපාරයට බාධා නොවන අයුරින් සිදු කරන්න – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන සංචාරක ව්‍යාපාරයට බාධා නොවන අයුරින් සිය දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම මේ මොහොතේ රටට ආදරය කරන සියලු පාර්ශ්වවල වගකීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

සංචාරක ව්‍යාපාරය යම් වර්ධනයක් සහිතව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින මේ අවස්ථාවේ රට තුළ නොසන්සුන් දේශපාලන වටපිටාවක් සකස් වීම ඊට බාධා පමුණුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම වසරේ අගෝස්තු මස 31 වන විට සංචාරකයන් 496,430ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එමගින් ඩොලර් මිලියන 852ක ආදායමක් උපයාගෙන ඇති බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි. මෙම ක්‍රමික වර්ධනයට රටේ දේශපාලන වටපිටාව ඍජුව බලපාන බැවින් රටට ආදරය කරන සියලු පාර්ශ්ව මේ මොහොතේ සිදු කළ යුත්තේ ඊට බලපෑමක් ඇති නොවන අයුරින් සිය දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *