• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න – ජනපති කියයි

9 June 2022
in දේශීය

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (09) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දීය.

කොළඹ වරාය ලොව ප්‍රමුඛ පෙළේ සියලුම නැව් සමාගම් සමග මෙහෙයුම් කරයි. පාලන අධිකාරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වගකීමෙන් කටයුතු කිරීමෙන් එය ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

නීති උල්ලංඝණය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේ දී අක්‍රමිකතා සිදුවන බව අනාවරණය වී ඇත. සතොස, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මගින් එම භාණ්ඩ අලෙවියෙන් දූෂණ වැළැක්වීමටත් රජයට ආදායමක් උපයාගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදෙස් රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් වරායේ තරුණ සේවකයන් සඳහා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ සහ කොළඹ වරාය නැගෙනහිර ජැටියේ ඉදිකිරීම්වල පවතින ගැටලු නිරාකරණය කර නියමිත කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.

වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

අර්බුදයට මුහුණ දුන් රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම සමග අවබෝධයෙන් කටයුතු කිරීම හේතුවෙන් තත්ත්වය සාර්ථකව සමතයකට පත්කරගැනීමට හැකි වෙතැයි නිලධාරීහු විශ්වාසය පළ කළහ. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී රට සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ දැඩි අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු සහ රේඛීය ආයතන නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 10
Previous Post

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති

Next Post

onprofit organization that seeks provide inform

editor

editor

Next Post
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved