27 April 2024
#දේශීය

මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා සහයට රාජසන්තක වූ වාහන පොලීසියට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

මත් ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද රථ වාහන ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා ඊයේ (20) එක්වෙමිනි.

නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන වසර හතක් පමණ තිස්සෙ දිරා යමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කිරීම මෙහි අරමුණ බව සියඹලාපිටිය මහතා එහි දී පැවැසීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *