කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මෙතෙක් වාර්තා වූ ප්‍රධාන වසංගත මධ්‍යස්ථානයෙන් බැහැරව, එරට වයඹ දිග කෙළවරේ පිහිටි පළාතකින් නව ඉබෝලා ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව බලධාරීහු සිකුරාදා ප්‍රකාශ කළහ.
දකුණු කිවු (South Kivu) ප්‍රාන්තයේ සිට රුවන්ඩාව සහ උගන්ඩාව හරහා ගමන් කර සුද්-උබාංගි (Sud-Ubangi) ප්‍රාන්තයේ ග්වාකා (Gwaka) නගරයට පැමිණි පුද්ගලයෙකු පසුගිය අඟහරුවාදා මියගොස් ඇති අතර, ඔහුට ඉබෝලා ආසාදනය වී තිබූ බව එරට ජාතික ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කළේය. රෝගියා ගමන් කිරීම සඳහා මාර්ග සහ ජල ප්‍රවාහන සේවා පුළුල් ලෙස භාවිත කර තිබීම හේතුවෙන් ආශ්‍රිතයන් විශාල පිරිසක් සිටිය හැකි බවටත්, අසල්වැසි ප්‍රාන්ත සහ රටවල් සඳහාද අවදානමක් මතුවිය හැකි බවටත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













