ශ්‍රී ලංකාව තුළ නව සිම්පතක් නිකුත් කිරීමේදී සහ සක්‍රීය කිරීමේදී අදාළ පුද්ගලයාගේ ශාරීරික පැමිණීම හෝ ‘මුහුණ හඳුනාගැනීමේ’තාක්ෂණය භාවිත කිරීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මෙම නව රෙගුලාසි මඟින් ව්‍යාජ තොරතුරු සහ වෙනත් අයගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු යොදාගනිමින් නීති විරෝධී ලෙස සිම්පත් ලබාගැනීම වැළැක්වීම ප්‍රධාන අරමුණ වී ඇත. විශේයෙන්ම මෑත කාලයේ සිදුවූ මූල්‍ය වංචා, සංවිධානාත්මක අපරාධ සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ව්‍යාජ තොරතුරුවලින් ලබාගත් සිම්පත් භාවිත කිරීම ඉහළ යාම හමුවේ මෙම පියවර ගෙන තිබේ.
නව නියාමනයන්ට අනුව, වයස අවුරුදු 15 ට අඩු ඕනෑම අයෙකුට සිම්පතක් නිකුත් කිරීමේදී දෙමව්පියන්ගේ හෝ භාරකරුවෙකුගේ පූර්ණ අනුමැතිය සහ සත්‍යාපනය ලබාගැනීම ද අනිවාර්ය වන අතර, විදුලි සංදේශ සේවා සපයන සියලුම ආයතන මෙම නව විධිවිධාන අකුරටම පිළිපැදිය යුතු බවට උපදෙස් දී ඇත.













