කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින ඉබෝලා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 223ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ වන විට එරටින් වාර්තා වී ඇති සමස්ත ඉබෝලා ආසාදිතයින් සංඛ්‍යාව ද 906ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කොංගෝ රාජ්‍යයට අමතරව අසල්වැසි උගන්ඩාවෙන් ද මේ වන විට ඉබෝලා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණවලට අනුව මෙම ඉබෝලා රෝගී ව්‍යාප්තිය මීට මාස 02ක පමණ සිට නැගෙනහිර කොංගෝව ආශ්‍රිතව ආරම්භ වී තිබේ.
















