2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය (FIFA World Cup 2026) වෙනුවෙන් ගූගල් සමාගම විසින් නෝර්වේ සුපිරි ක්‍රීඩක ආර්ලින් හාර්ලන්ඩ් වෙනුවෙන් විශේෂ උපහාරයක් (Google Tribute) එකතු කර තිබේ. ඒ අනුව ගූගල් සර්ච් බාර් එකේ “Erling Haaland” යන නම ටයිප් කර සෙවීමේදී, නෝර්වේ කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී ජයග්‍රහණ සැමරීමට යොදාගන්නා “වයිකින්ග්ස් හසල බෝට්ටු පදින” (Vikings Rowing Celebration) විශේෂ සජීවීකරණයක් (Animation/Easter egg) තිරය මත දිස්වේ.
මෙවර ලෝක කුසලාන තරග 5කදී ගෝල 7ක් වාර්තා කරමින් නෝර්වේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට 25 හැවිරිදි හාර්ලන්ඩ් සමත් විය. ගූගල් ආයතනය කළ මෙම නිර්මාණය රසිකයන්ට බලන ලෙස පවසමින් හාර්ලන්ඩ් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල “අද කරන්න එකම එක දෙයයි තියෙන්නේ… මගේ නම ගූගල් එකේ සර්ච් කරලා බලන්න” යනුවෙන් සටහනක් තබා ඇත. නෝර්වේ කණ්ඩායම එළඹෙන ජූලි 11 වැනිදා අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.
















