තමිල්නාඩුවේ නව ආණ්ඩුව පිහිටුවීම සඳහා සුපිරි නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් තමිල්ග වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබේ. තලපති විජේ විසින් කරන ලද විශේෂ ආරාධනයක් පිළිගනිමින් කොංග්‍රස් පක්ෂය මෙම තීරණය ගෙන ඇත. තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ප්‍රතිඵල අනුව තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය මැතිවරණයේදී ආසන 108ක් දිනා ගැනීමට සමත් විය. ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ආසන 5ක් ජයග්‍රහණය කර තිබේ. මෙම දේශපාලන සහයෝගීතාවත් සමඟ තමිල්නාඩු ප්‍රාන්තයේ නව පාලනයක් ස්ථාපිත කිරීමට මාවත විවර වී තිබේ.














