අමෙරිකානු හමුදා ප්‍රහාර හමුවේ වුවද, මැදිහත්කරුවන් මාර්ගයෙන් එක්සත් ජනපදය සමඟ පවතින වක්‍ර රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයන් තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ඉරානය පවසයි.පසුගිය දින කිහිපය පුරාමත් මැදිහත්කරුවන් හරහා දෙපාර්ශ්වය අතර පණිවිඩ හුවමාරු වී ඇති බවත්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් තවමත් සක්‍රීය මට්ටමක පවතින බවත් ටෙහෙරාන් පාලනය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














