27 April 2024
#දේශීය

මාතලේ විජය විද්‍යාලය අසළ ඉදිකරන අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් වහාම නතර කල යුතුයි – ජනතා විරෝධය

මාතලේ විජය විද්‍යාලය අසළ ඉදිකරන මාතලේ අධිකරණ සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු වහාම නතර කරන ලෙස රජයට බල කර සිටින බව මාතලේ විජය විද්‍යාලය සුරකිමේ සංවිධානයේ නියෝජිතයෝ පවසයි.

මාතලේ පලාපත්වල පිහිටි හෝටලයකදි ඉකුත් 07දා පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ නියෝජිතයෝ මේ බව පැවසිය.

මෙම මාධ්‍ය හමුව සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්,ආදි ශීෂ්‍ය සංගමයේ සභාපති /පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක යන මහත්වරුන් සහභාගිවු වු අතර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ආමත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාද එම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයකි.

මෙහිදි අදහස් දැක්වු ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා කියා සිටියේ මාතලේට අධිකරණ සංකිර්ණයක අවශ්‍යතාවයක් තියනවා.නමුත් මෙම ස්ථානයේ එය සැදිමට ගන්නා උත්සහය වැලැක්විය යුතුයි.ඉකුත් සමයේ මෙහි ඉදිකිරිම් 2017 වසරේ තාවකාලිකව පටන් ගත්තා.අපේ විරෝධතා පසෙකට දමා මෙම කටයුතු සිදු වුණා.පාසල අසළ ඇති මාර්ගය ඉතා පටු මාර්ගයක්.වසර 136ක් පැරණි මාතලේ නගරයේ තිබෙන සුවිශේෂිවු පාසල් බවය’විජය විද්‍යාලය රැක ගැණීම වෙනුවෙන් කුමන පාර්ශ්වයක් සමග වුවද අරගල කරනවා.10 වෙනි සඳුදා මාතලේ ජනතාව සමග පාරට බහිනවා” 1886 ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බෞද්ධ පුනර්ජීවනයත් සමග ලංකාවට පැමිණ ඇති කළ පරම විඥානාර්ථ සමාගමට අයත් ඕල්කට් පාසල් ලෙස හැඳින්වෙන ආනන්ද ,මහින්ද ,ධර්මරාජ ,මලියදේව වගේම මාතලේ පිහිටවූ ප්‍රධානතම බෞද්ධ පාසල විජය විද්‍යාලය බවත් එැවනි ඓතිහාසික වටිනාකමක් ඇති මෙම පාසල රැක ගැනීමේ වගකීම ආදි ශිෂ්‍යයන් ලෙස අප වෙත පැවරී තියෙනවා.අපි ඕනැම අභියෝගයකට සුදානම්.මාතලේ හිටපු දිසාපතිවරයා මේ තත්වයට වගකිව යුතුයි.මාතලේ සියලු මහජනයා සමග අප මහා ජන ගඟක් සමග සඳුදා පාරට බසින්නේ අධිකරණයට විරුද්ධව නොවේ.අපි අධිකරණයට ගරු කරනවා. පුද්ගලයින් ය. ඒ නිසා අප ජනාධිපතිතුමා ඇතුලු අධිකරණ ඇමතිවරයා සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මාතලේ අපේ දරුවන්ගේ අයිතිය ආරක්ෂා කර දෙන ලෙස බවද ඒ මහතා පැවසිය.

ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති/ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා කියා සිටියේ මෙය අධ්‍යාපන අමාත්‍යාංශය සමග හුවමාරු කරගෙන අධිකරණ සංකීර්ණය වෙනත් තැනකට ගෙන යා යුතුව ඇති බවත් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ගත් වැරදි තීන්දුවක්. තමන් ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වයේ සිටියදී මෙවැනි දේ සිදුවීම කණගාටුවට කරුණක් බවත් මේ තත්වය මත අධිකරණ සංකිර්ණය වෙනත් ස්ථානයක පිහිටුවිම සදහා අවශ්‍ය පියවර අදාළ අායතන මගින් වහා ගත යුතු බවය.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා කියා සිටියේ මාතලේ අධිකරණ සංකීර්ණය දඹුල්ලට රැගෙන යන බවට ඇතැම් පිරිස් මේවැනි ප්‍රචාරයක් සිදු කරමින් තියනවා.මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය මාතලෙයි පරිපාලන කෙන්ද්‍රස්ථානය මාතලේයි.අධිකරණ සංකීර්ණය ඉදිකිරීම නිසා පාසලේ දහස් ගණනක් වන දරුවන්ට අසාධාරණයක් සිදු විය හැකියි. එනිසා මෙය වෙනත් තැනක ඉදිකිරීම සඳහා තමාත් කැබිනට් අමාත්‍ය මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් රජයට කරුණු දක්වවන බවය.

මෙහිදි අදහස් දැක්වු මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ ඉසුරු ජයවර්ධන මහතා කියා සිටියේ බෞද්ධ සංවිධානයක් වශයෙන් මෙම ස්ථානයේ අධිකරණ සංකිර්ණයක් ඉදිකිරිමට විරෝධය පළ කරන බවත් මේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටින බවය.මාතලේ විජ විද්‍යාලයෙන් ශ්‍රේෂ්ඨ පිරිසක් මා‍තලේට බිහිවු බවත් වත්මන් යුධ හමුදාපති ඇතුලු ආරක්ෂක අංශයේ ප්‍රධානින් දේශපාලනඥයින් වගේම වත්මන් මල්වතු පාර්ශ්වයෙන් අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් ද මෙම විද්‍යාලයේ ආදි සිසුන් බවත් සියලු පාර්ශ්ව එක්ව මේ සදහා විරෝධතා දැක්විය යුතු බවත් බෞද්ධ සංවිධානයක් වශයෙන් ඒ සදහා පෙරමුණ ගන්නා බවය.

මෙම මාධ්‍ය හමුව සදහා මාතලේ ප්‍රාදේශිය සභා සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය,ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජතයින් විද්‍යාලයේ හිටපු විදුහල්පති වරුන් වන ඒ.කේ.ඩී සිරිවර්ධන , පද්මිණි ජයතිලක,ප්‍රාථමික අංශයේ හිටපු විදුහල්පති සරත් ජි.පුංචිහේවා ආදිශිෂ්‍ය සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් මානෙල් නෙත්තිකුමාර යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *