• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ වෙළෙඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කරනවා – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

8 January 2022
in දේශීය

ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කිරීම තුලින් මේ වනවිට උද්ගතව ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීමේ හැකියාව ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගිය 08 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ‘දිනන රට පුබුදන කර්මාන්ත’ වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සතු කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “2022 වසර සුබ නව වසරක් වීමට නම් අපේ රටේ මිනිස්සු මේ විදිහට වැඩිවැඩියෙන් නව කර්මාන්ත අරඹන වසරක් විය යුතුයි. නව කර්මාන්තකරුවෙකු ලෙස ඔබ තමන්ට හිමි ඉඩමට අදාළ හිමිකම් සහතිකය ලබා ගැනීමට වේදිකාවට එන විට අප සියලුදෙනා අත්පොළසන් දෙනු ලැබූයේ වෙන කිසි හේතුවක් නිසා නොවෙයි, ‘රැකියා සොයා එන්නවුන් අතර රැකියා උපද්දවන්නවුන්’ලෙස අප ඔබව තේරුම්ගෙන ඇති නිසයි. අද මේ රටට අවශ්‍ය වන්නේ රැකියා සොයා එන්නවුන් නොවෙයි, රැකියා උත්පාදනය කිරීමට හැකි අය. එහෙම වුණොත් විතරයි අපි අද රටක් විදිහට මුහුණ දී සිටින ආර්ථික, සමාජීය අභියෝගවලට උත්තර සොයන්න පුළුවන් වන්නේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන හා කර්මාන්තපුර සංවර්ධන) චමින්ද පතිරාජ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

ජාතික පාසල් දහසක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

මාතලේ විජය විද්‍යාලය අසළ ඉදිකරන අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් වහාම නතර කල යුතුයි – ජනතා විරෝධය

editor

editor

Next Post

මාතලේ විජය විද්‍යාලය අසළ ඉදිකරන අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් වහාම නතර කල යුතුයි - ජනතා විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved