• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැලිමඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් අවසන් අදියරේ

16 March 2021
in දේශීය

වැලිමඩ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම සදහා මහල් තුනකින් සමන්විතව ඉදි වෙමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතින අතර එය ලබන වසරේ මුල් මාසය තුළ විවෘත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා රුපියල් මිලියන 428.7 ක මුදලක් වෙන් කර ඇති අතර නව අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල පහසුකම් ඇතුළු සියලු පොදු පහසුකම්වලින් සමන්විතව ඉංජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශය ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.

දැනට අධිකරණ කටයුතු සිදු කරනු ලබන වැලිමඩ අධිකරණ සංකීර්ණය 1999 වසරේදී ජනතා අයිතියට පත් කර තිබෙන අතර, ඌව පරණගම, වැලිමඩ, ඇටන්පිටිය ,අඹගස්දෝව, බෝගහ කුඹුර පොලිස් වසම් පහ යටතේ ඇති නඩු හා බණ්ඩාරවෙල පොලිස් වසමේ වංචා විමර්ශන අංශයට අයත් නඩු කටයුතු වැලිමඩ අධිකරණය යටතේ විභාග වෙයි.

මෙම අධිකරණ සංකීර්ණය තුළ දැනට විශාල නඩු ප්‍රමාණයක් විභාග වන බැවින් වර්ථමානයේ නඩු කටයුතු සදහා පැමිණෙන ජනතාවගේ අවශ්‍යතාවයන් සදහා මෙන්ම අධිකරණ කාර්ය මණ්ඩලයේ රාජකාරී කටයුතු සදහා ද ඉඩ කඩ ප්‍රමාණවත් නොවන තත්වයක පවතියි.

නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කිරීමට අධිකරණ අමාත්‍යාංශය උපදෙස් දී ඇති අතර මේ හරහා අවම කාලයකින් වැඩි පහසුකම් යටතේ නඩු කටයුතු අවසන් කර ගැනීමේ හැකියාව වැලිමඩ ප්‍රදේශයේ ජනතාවට හිමි වෙයි.

Post Views: 25
Previous Post

ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් දීමට අගමැතිගේ අවධානය

Next Post

සඳහිරි සෑ චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කිරීම 28 වනදා

editor

editor

Next Post

සඳහිරි සෑ චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කිරීම 28 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved