පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ වසරේ මුල් මාස හතර තුළ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 8.9කට අධික දඩ මුදලක් රජයට උපයා දී තිබේ. ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම් 7,334කට අදාළව මෙම දඩ මුදල් අයකර ගැනීමට හැකි වී ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැටලීම් 654ක් සිදු කර ඇත. කොළඹින් වැටලීම් 519ක් සිදු කර ඇත. පුත්තලමෙන් වැටලීම් 511ක් සිදු කර ඇත. මහනුවරින් වැටලීම් 502ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් වැටලීම් 439ක් වශයෙන් සිදු කර ඇත. සහල් සහ සීනි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද, බිස්කට්, සිසිල් බිම, පානීය ජල බෝතල්, විවිධ ආලේපන වර්ග සහ විදුලි උපකරණවල ප්‍රමිතිය සහ ආරක්ෂිත බව ද මෙහිදී විශේෂයෙන් පරීක්ෂාවට ලක් විය. වෙළෙඳපොළ තුළ සිදුවන මිල අසාධාරණකම් හෝ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිය පිළිබඳව 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















