නියමිත පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ සහ හපුතලේ යන ප්‍රදේශවල පසුගිය 24 වැනිදා සිදු කළ මෙම හදිසි වැටලීම්වලදී කීරි සම්බා ඇතුළු සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම වී ඇති අතර හපුතලේ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ. මීට අමතරව පාලන මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ හපුතලේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දැවැන්ත දඩයක් සහ අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් ද අධිකරණය විසින් පනවා ඇත. පාරිභෝගිකයින් සූරාකන මෙවැනි වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.














