• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්ෂාව සහ සංවර්ධනය අධ්‍යාපනය තුල රට තුළ සහයෝගීතාව ඉහළ යනු ඇත – ආරක්ෂක ලේකම්

11 March 2021
in දේශීය

මානව ගරුත්වය, අවංකභාවය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය, තිරසාර සංවර්ධනය, ආර්ථික සමානාත්මතාවය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සමාන අවස්ථාවන් ලබාදීම යන ආරක්ෂාව සහ සංවර්ධනයේ මූලික සාරධර්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් උගත හැකි බව අප සැමවිටම මතක තබා ගත යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) රත්මලානේ, පිහිටි ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති හමුවක් අමතමිනි.

විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපති ලෙස ආරක්ෂක ලේකම්වරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සංවර්ධනයේ කඩිනම් ප්‍රගතිය සඳහා ගෙන ඇති පියවර අගය කළ අතර ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම සඳහා තවදුරටත් සංවර්ධන කටයුතු සිදුකිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පරිපාලනය කෙරෙන ආයතනයක් වන අතර, මේජර් ජෙනරල් පීරිස් සහ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය විසින් විශ්ව විද්‍යාලයේ අනාගත අභිලාෂයන් ද එහිදී ආරක්ෂක ලේකම්වරයා වෙත විස්තර කළහ.

විශ්ව විද්‍යාලීය සරඹ පිටිය පරිශ්‍රයේ නවතමයෙන් ඉදි කරන ලද ප්‍රේක්‍ෂකාගාරය, අංග සම්පූර්ණ විද්‍යාගාර ගොඩනැගිල්ල, නව එන්ජින් සමාකෘතිය සහ නවෝත්පාදන විද්‍යාගාරය, ක්‍රීඩා මණ්ඩප සංකීර්ණය, කාර්ය මණ්ඩල නේවාසික ගොඩනැගිල්ල සහ නවීකරණය කරන ලද ක්ලබ් හවුස් ගොඩනැගිල්ලද විවෘත කරන ලදි.

රටේ නව්‍ය විසඳුම් ලබාදීමේ පුරෝගාමී විශ්ව විද්‍යාලයක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් රාශියක් මෙම සංචාරයේදී ආරක්ෂක ලේකම් වෙත ඉදිරිපත් කරන ලදි.

විශ්ව විද්‍යාලයේ දැනට ඉදිවෙමින් පවතින ශ්‍රවණාගාර සංකීර්ණය ද ආරක්ෂක ලේකම්ගේ නිරික්ෂණයට ලක්විය.

රටේ සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඉමහත් දායකත්වයක් ලබාදුන් ශ්‍රේෂ්ඨ නිළධාරීන් බිහි කිරිමේ ගෞරවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට හිමි වන අතර ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට විශිෂ්ට සහ උසස් මට්ටමේ අධ්‍යාපන පහසුකම් ලබාදෙන ආයතනයක් බවද ඔහු තවදුරටත් පැවසීය.

තවද ජෙනරල් ගුණරත්න, විශ්ව විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව ත්‍රිවිධ හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක ලේකම් සහ මේජර් ජෙනරල් පීරිස් අතර සිහිවටන හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, අතිරේක ලේකම් (ආරක්‍ෂක) පී.බී.එස්.සී. නොනිස්, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති බ්‍රිගේඩියර් ප්‍රසාද් එදිරිසිංහ, ලේඛකාධිකාරි, පීඨාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ පුහුණුව වන නිලධාරීන් සහභාගී විය.

 

 

 

 

 

 

 

Post Views: 9
Previous Post

කථන හා ශ්‍රව්‍යාබාධිත පවුලකට නිවාස රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නව නිවසක්

Next Post

වසර 18කට පසු ට්‍රැක්ටර් සංස්ථා සේවකයන්ට වන්දි ලැබෙයි

editor

editor

Next Post

වසර 18කට පසු ට්‍රැක්ටර් සංස්ථා සේවකයන්ට වන්දි ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved