• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සඳහා සම්බන්ධීකරණ ඒකකයක් සෙත්සිරිපායේදී

30 September 2020
in සංවර්ධන

තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂේත්‍රයට අදාලව ජනතාවට ඇති ගැටඵ නිරාකරණය හා තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම අරමුණු කරගත් සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීමට එම අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක වේ.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන ආයතනවලින් විවිධ වූ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභියෙකුට එක වහලක් යටදී කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් මෙන්ම මගපෙන්වීමක් ඉතා ඉක්මනින් ලබාදීම තුළින් අනාගතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු වේ. එය සෙත්සිරිපාය දෙවන අදියරේ 6 වන මහලේ ඇති අමාත්‍යාංශ පරිශ්‍රයේ දි ඔක්තෝම්බර් 05 දින මෙම ඒකකය ආරම්භ කිරිමට නියමිතය.

තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බිහිකිරිම තුළින්, පර්යේෂණ හා නවෝත්පාදන හරහා එහි ප්‍රතිලාභ ආර්ථිකයට දායක කර ගැනීමට සාමූහිකව කටයුතු කළ හැකි ස්ථානයක් මේ හරහා නිර්මාණය වේ.

පර්යේෂණ හා නව නිපැයුම් සඳහා තාක්ෂණික සහය හා මගපෙන්වීම ලබා දීම, එම නිර්මාණ වාණිජකරණයට පහසුකම් සලසා දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නිර්මාණය, ව්‍යාපාර සංවර්ධනය, තාක්ෂණික පැවරුම් සිදුකිරීම, නිර්මාණ වාණිජකරණය තුළින් විවිධ පරිමාණයේ කර්මාන්ත ඇතිකිරීමේ දී අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසා ගැනීමට මැදිහත් වීම ආදී සේවාවන් සැපයීමෙන් සේවාලාභීන්ට සහය වීම මෙහි දී සිදු කෙරේ. මෙම ඒකකය ආරම්භ කිරීමෙන් පසු සෑම සතියකම සදුදා දිනයේ අදාල ආයතන වල වගකිවයුතු නියෝජිතයින් මෙහිදි සම්බන්ධිකරණ කාර්යය සදහා යොමු කෙරෙන අතර එම නියෝජිතයින් සේවාලාභියාගේ ගැටඵව නිරාකරණයට වගකීමෙන් බැදී සිටී.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික විද්‍යා පදනම, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම, ජාතික පර්යේෂණ සභාව, ජාතික මූලික අධ්‍යයන ආයතනය, විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයය, සිත්‍රා – සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය මෙන්ම දිවයින පුරා ස්ථාපිත කර ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය ආදී ආයතන සම්බන්ධීකරණයෙන් නවෝත්පාදන හා පර්යේෂණ විෂයයට අදාල පහසුකම් සැලසීමේ කාර්යය මෙම ආයතනය තුළ දී සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

නව නිර්මාණකරුවන්, නව ව්‍යවසායකයන් තම අරමුණු සංවර්ධනය කිරීමේදී පසු කරන විවිධ අදියරයන් ට අනුව සේවාවක් හෝ මග පෙන්වීමක් අපේක්ෂාවෙන් වරින් වර එක් එක් ආයතන වලට යාමට ගතවන කාලය අවම කිරීම, විවිධ අවස්ථාවල පීඩාවට පත් වීම අවම කිරීම මෙන්ම බලාපොරොත්තු බිඳ වැටීමකින් තොරව සුබවාදී බලාපොරොත්තු ඇති කරවමින් මෙම ‍ව්‍යුහය ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇත.

 

Post Views: 12
Previous Post

මෙරට අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් පාකිස්තානු මහකොමසාරිත් අතර සාකච්ඡා

Next Post

කැළණි ගග දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් ඇති බව අනාවරණ වේ

editor

editor

Next Post

කැළණි ගග දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් ඇති බව අනාවරණ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved