• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෝප් කමිටුවට දෙනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් දිවුරුමක් ලබා ගැනීමට තීරණය කරයි

21 June 2022
in දේශීය

කෝප් කමිටුවට කැඳවන නිලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් කම්ටුව ආරම්භයේදීම දිවුරුමක් ලබා ගැනීමට කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රැස් වූ විශේෂ කෝප් කමිටු රැස්වීමේදී තීරණය කළේය.

අද (21) රැස් වු කෝප් කමිටුවේදී මෙම තීරණය ගත් අතර මේ අනුව ඉදිරියේදී කෝප් කමිටුවට පැමිණෙන නිලධාරීන් කෝප් කමිටුව ආරම්භයේදීම තමන් සිදු කරන ප්‍රකාශ නිවැරදි බවට දිවුරුමක් ලබාගැනීම සිදු වේ.

2022.06.10 වැනිදින කෝප් කමිටුවට පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස සිටි එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් යොමු කොට ඇති 2022.06.11 දිනැති ලිපිය කෝප් සභාපතිවරයා විසින් අද දින සභාගත කිරීම සිදු කළේය.

එහිදී කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ “ 2022 .06.11 දින විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා විසින් කොප් කමිටුව වෙත යොමු කරන ලද ලිපිය අද සලකා බැලුවා.ඒ ලිපිය ප්‍රකාරව වැදගත් සාකච්ඡාවක් සිදුවුනා. මේ ලිපියේ අද ගත් කරුණු කිහිපයත් එයට උපග්‍රන්ථ ලෙස ඉදිරිපත් කරලා තියෙන ලියුමත් අද අවධානයට ලක් වුනා. ඒ අනුව කෝප් කමිටුවේ තිරණය වන්නේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටත් ඒ හරහා මේ ලිපියේ සම්බන්ධ කරුණු ගැන යළි තිරණයක් ගැනිමටත් එතුමා විසින් ඉල්ලා තියෙන තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය ඊට පසුව ගැනීමටත් අපි (කෝප් කමිටුව) තීරණය කළා. ” යනුවෙනි.

ඒ අනුව එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා 2022.06.23 වැනිදින පෙරවරු 11.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට මෙහිදී තිරණය විය.

එසේම ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශේෂඥ වාර්තා පදනම්වූ විශේෂ රැස්වීමක් ජූලි මස 25 දින පැවැත්වීමටද මෙහිදී තීරණය විය.

කෝප් කමිටුවේ මෙම විශේෂ රැස්වීම සඳහා කොප් කමිටු සාමාජික මන්ත්‍රීවරයන් වන රෝහිත අබේගුණවර්ධන, ජගත් පුෂපකුමාර, අනුර දිසානායක, හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, සරත් වීරසේකර, ජයන්ත සමරවීර, එස්.එම්.මරික්කාර්, නලීන් බණ්ඩාර ජයමහ, ඉන්දික අනුරුද්ධ හේරත්, නාලක ගොඩහේවා, එරාන් වික්‍රමරත්න, මධුර විතානගේ සහ ප්‍රෙම්නාත් සී. දොලවත්ත යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 16
Previous Post

මෙරට සහල් දෙන බව චිනය කියයි

Next Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල බෙහෙත් හිඟයක් නෑ – අමාත්‍ය කෙහෙළිය

editor

editor

Next Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල බෙහෙත් හිඟයක් නෑ - අමාත්‍ය කෙහෙළිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved