රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මගින් නිකුත් කරන ලද වාර්තාව හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සිදුකර ඇති වැරදි වසා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය බරපතළ හෙළිදරව්වක් සිදු කරයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ පවතින මූල්‍ය අර්බුදයට සහ ඇතැම් තීරණවලට වගකිව යුතු නිලධාරීන් ආරක්ෂා කිරීමේ උත්සාහයක් මෙම වාර්තාව තුළ ගැබ්ව ඇති බවයි.
නිසි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට වාර්තාව මගින් අදාළ ආයතනවලට තවදුරටත් කල් ලබා දීම තුළින් මහජන මුදල් අවභාවිතය සහ මූල්‍ය විනය පිරිහීම තවදුරටත් සිදුවිය හැකි බව එම සංවිධානය අනතුරු අඟවයි. මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොරව සිදුවන බවත්, වගකිවයුත්තන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.














