• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා රට පුරා… රජයට හැමෝම නිරෝධායනය කරන්න බැහැ- සුව වු මන්ත්‍රී දයාසිරි

21 January 2021
in දේශීය

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව ජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැති බව හෙතෙම පැවසිය. රාජ්‍ය අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පසුගියදා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් පසුව මාධ්‍ය වෙත නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

 

පසුගියදා මා හට වැළඳුණු කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පසු මම නැවත නිවස වෙත පැමිණෙයෙමි.  මා හට ප්‍රතිකාර කළ වෛද්‍ය අනුරාධ මැතිතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමටත්  ජයවර්ධන මහත්මියටත් ආදිහෙට්ටි මහත්මියටත් ඉන්දිවරී මෙනවියටත් සහ හර්ශනි මෙනෙවියටත් මම විශේෂ වශයෙන් ස්තූතිවන්ත වෙමි. මා නැවතී සිටි හික්කඩුවේ හොටෙල් ලන්කා සුපර් කොරල්ස්හි කාර්ය මණ්ඩලයත් ආදරයෙන් සිහිපත් කරමි.

එසේ ම මා කෝවිඩ් ආසාදිත වූ දා පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මහා සංඝරත්නයටත් අන්‍යාගමික පූජක උතුමන්ලාටත් කුරුණෑගල දිස්ත්‍රිකයේ ජනතාව ඇතුළු මුළු දිවයින පුරා ම  සිටින මා හිතාදර ජනවතාවට ද ස්තූතිවන්ත වෙමි.  එමෙන් ම රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන මේ කොරෝනා වෛරසය සියලු දෙනාවම නතු කරගනිමින් සිටියි. එනිසා ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න. එලෙස වගකීම් සහත වීමෙන් අපට මේ රෝගය යම්තාක් දුරකට හෝ මැඬලීමේ හැකියාව පවතියි.

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි. ඒ නිසා මම රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ද ඉල්ලන්නෙ රෝග ලක්ෂණ මතු වුණ වහා ම අදාළ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට ලවා ඒ නිවෙස් පරීක්ෂා කර වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළියක් ආදි පහසුකම් සහිතව ස්වයංව නිරෝධායනය විය හැකි නම් නිවෙස්වල ම නිරෝධායනය අත්‍යවශ්‍ය කාරණයක් කරන ලෙසයි. එවිට තව දුරටත් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා රජය දරන මුදල් අවම කර ගත හැකියි. එමෙන් ම ඉදිරියේ දී හැටදහසකට අධික විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට රජය බලාපොරොත්තු වෙන මොහොතක මේ සියලු දෙනාටම නිරෝධායන මධ්‍යස්ථාන ලබා දීම ද ලෙහෙසි පහසු කර්තව්‍යයක් නො වේ. එයට ද පිළියමක් වශයෙන් මා යෝජනා කරන්නෙ  ඔවුන්ව ද තමන්ගේ ම නිවස තුළ ම වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළි පහසුකම් පවතින්නේ නම්  දින දාහතරක් ස්වයං නිරෝධායනය කිරීමයි. මෙය හැර මේ රෝගයට වෙන විකල්පයක් නොමැති බවයි රෝගය වැළඳුණු අයෙකු ලෙස මගේ හැඟීම.

එනිසා අවසාන වශයෙන් ද මා ජනතාවට මතක් කරන්නෙ නිසි ප්‍රතිකාර ක්‍රමයක් හමුවන තුරු අපි ආරක්ෂා වෙමු. සමාජ දුරස්ථභාවය රැකගමු. මුහුණු ආවරණ පළඳිමු. පුරවැසි වගකීම ඉටු කරමු.

Post Views: 10
Previous Post

කැළණියේ තරුණයෙකු හදිසියේම CIDයෙන් අත්අඩංගුවට

Next Post

වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි – ඇමැති චන්ද්‍රසේන කියයි

editor

editor

Next Post

වංචාවක් කියලා දැනගත්තාහම හිරිකිතයි - ඇමැති චන්ද්‍රසේන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved