27 April 2024
#දේශීය

කොරෝනා මරණ ඉහළට .. සැහැල්ලුවෙන් හිතන්න එපා – වෛද්‍ය හේමන්ත

කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය අමතමින් පැවසුවේ මෙම මරණ ඉහළ යාම පිළිබඳ මේ මොහොතේ ස්ථීරවම කිය නොහැකි බවයි. නමුත් ඕනෑම අවස්ථාවක මරණ අනුපාතය ඉහල පහල යාහැකි අතර මෙම මරණ සංඛ්‍යාව ගැන සැහැල්ලුවෙන් සිතිමට නොහැකි බව ඔහු පැවසිය.

මෙම මරණ සම්බන්ධයෙන් වසංගත රෝග අංශයෙන් වාර්තාවක් කැඳවන්නට නියමිත අතර එය ලැබුණු වහාම දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍යවරයා කියා සිටියේය.

එසේම මෙය සැහැල්ලුවෙන් නොසිතා රෝග ලක්ෂණයක් ඇතොත් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *